Wednesday, July 16, 2014

තව පොඞ්ඩෙන් අද මං හරක් බලන කොල්ලෙක්.. – බන්දුල

මෙරට මධ්‍ය මහා විද්‍යාල පද්ධතිය බිහි නොවුනේ නම් තමන් අද හරක් බලන කොල්ලෙක් බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ මාතර මධ්‍ය මහා විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාගාරයට මුල්ගල් තැබීමේ උත්සවය අමතමිනි.

‘නිදහස් අධ්‍යාපනයට ගැහැනු පිරිමි කියල බෙදීමක් නැහැ. ලඡ්ජා බය ඇතිව හැදෙන්න මිශ‍්‍ර පාසල් ඇති කළා. ගම්බද කම්කරුවගෙ, තාක්ෂණ ශිල්පියාගෙ දරුවන් ඉහළට ඉගෙන ගෙන ඉහළට ගියා. ඊරියගොල්ල මැතිතුමා මේ කාලෙ ජනප‍්‍රිය පාසල් විධියද වෙනස් කොට පාසල් වර්ග කළා. නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරන්ට නොමිලයේ කෑම, නොමිලේ නිල ඇඳුම්, නොමිලයේ පොත් ටික පවා දුන්නා. සාමාන්‍ය පෙළෙන් ගණිතය අසමත් වන දරුවන්ට පාසලේ ගේට්ටුව වැසෙනවා. 1955 දී මේ සමස්ත දරුවන්ගෙන් 223000 ක් දරුවන්ට පාසලට එන්න එපා කිව්වා. ගමේ දරුවන් අසාර්ථක වුණාට සනත් ජයසූරිය වගේ ක‍්‍රීඩකයන් මුනිදාස කුමාරතුංග වගේ අධ්‍යාපන විශාරදයො වෙන්න බැරිද? 77 ඉඳන් මේ දරුවන්ට කරපු විනාශය නිසා මේ දරුවන් හදපු වඩපු දෙමව්පියන්ට ගුරුවරුන්ට වෛර කළා.

කන්නන්ගර මහතා බිහිකළ මධ්‍ය මහා විද්‍යාල 54 ඉදිකරල හැදුවෙ නැත්නම් මම අද හරක් බලන කොල්ලෙක් වෙන්න තිබුණා’

No comments:

Post a Comment