Sunday, July 20, 2014

පෘතුගීසින්ගෙන් ලැබුනු වචන ටිකක්...

අච්චාරු, අන්නාසි, අල්මාරි, අල්පෙනෙත්ති, අලවංගු, ආයා, ඇබෑර්තු, ඇස්කීසි, කාමර, කුමේර, කුස්තූර, කුස්සි, කූඤ්ඤ, ගාස්තු, ගුදිරි, ගොරෝසු, පගෝදි, පරක්කු, පෙත්සම්, පෙදරේරු, පෙනේර, පෙර නම්, පේර, පෝරණු, රීප්ප, රෙගුලාසි, රේගු, රේන්ද, රෝද, රෝස, ලෑස්ති, ලිංගුස්, ලීස්තර, ඈඳුරු, ඉස්තාල, ඉස්පාසු, එම්ප්‍රදෝරු, කජු, කඩදාසි, කප්පාදු, කප්පිත්තා, කබුක්, කරත්ත, කල්දේරම්, කමිස, කලිසම්, කබා, කස්තාන, කසාද, කානු, ජනේල, ජනේරු, තාච්චි, තාප්ප, තාර, තැබෑරුම්, බේබදු, බෙබේ, බෝක්කු, බූරු, තිරිඟු, තීන්ත, තුවාය, තෙම්පරාදු, තෙස්තමේන්තු, තොප්පි, තෝම්බු, දියමන්ති, නත්තල්, නෝනා, බන්දේසි, බයිනේත්තු, බැලැන්ස, බස්තම්, බංකු, බාල්දි, බීරලු, බීක්කු, බීස්පු, බුජම්, බොත්තම්, බෝංචි, ලේංසු, විනාකිරි, විස්කෝත්තු, වියෝල, වීදුරු, සපත්තු, සබන්, සරම්ප, සලාද, සාක්කු, සාය, සිදාදි, සීත, සුමාන, සොල්දාදු

පෘතුගීසින්ට එරෙහිව වීර සිංහලයන් කළ ඉතිහාසගත සටන්...


පෘතුගීසි ජාතිකයින්ගේ ප්‍රථම ලංකා ගමන වාර්ථාවන්නේ 1505දී පමණය. 'ලොරොන්සෝද අල්මේදා' නමැති පෘතුගීසි ජාතිකයා 1505 දී ලංකාවේ ගාල්ල වෙරළට ගොඩබසින ලදී. එසේ ප්‍රථමවරට ලංකාවට පැමිණි පෘතුගීසින් ක්‍රමයෙන් රට තුල පැලපදියම් වීමටත් පාලන තන්ත්‍රයට අත පෙවීමටත් පටන් ගත්තේය. ඔවුන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනයකල වසර 153ක කාලයේදී බොහෝ වතාවක් උඩරට ආක්‍රමණය කිරීමට උත්සහ කලහ. ඒ වකවානුව තුල සිදුවූ ප්‍රධාන සටන් 5ක් අපට හඳුනාගත හැක.

1) මුල්ලේරියා සටන (1562)

හංවැල්ල නගරයේ පිහිටි
ටිකිරි කුමාරයාගේ ප්‍රතිමාවකි
.
මුල්ලේරියා සටන පිලිබඳ ඉතිහාසය 1521 දී සිදුවූ විජයබා කොල්ලය දක්වා දිව යන්නකි. කෝට්ටේ රාජධානිය කොටගෙන රජකම් කල VII වන විජයබාහු රජුගෙන් කොල්ල කෑ ලංකා රාජ්‍යය, ඔහුගේ පුතුන් තිදෙනා විසින් කොටස් 3කට බෙදාගෙන පාලනය කල සමයයි. කෝට්ටේ ප්‍රදේශය පාලනය කරන්නේ VII වන බුවනෙකබාහු රජතුමාය. ලංකාවේ බලය තහවුරු කර ගැනීමේ අපේක්ෂාවෙන් උන් පෘතුගීසීන් විසින් මෙතුමාව මරාදමන ලදී. පසුව 1557 දී එතුමාගේ මුනුපුරා වූද, වීදියබණ්ඩාරගේ පුත් වූද, ධර්මපාල නම් කුමරුවා පෘතුගීසි අනුග්‍රහය යටතේ 'දොන් ජුවන්' නමින් රජ කරවන ලදී.
පෘතුගීසි රූකඩයක් වූ දොන් ජුවන් රජු ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරමින් බෞද්ධ විහාරස්ථාන විනාශකරමින් කෝට්ටේ ප්‍රදේශය පාලනය කලේය. මේ සියල්ල අතරතුර මායාදුන්නේ රජතුමා සීතාවක ප්‍රදේශයේ ස්ථාවර පාලනයක් ගෙනයන ලදී. 
පෘතුගීසින්ට මීලඟට උවමනා කලේ සීතාවක ආක්‍රමණය කිරීමටයි. එයට ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපත්වන්නේ මායාදුන්නේ රජුගේ පුත් ටිකිරිබණ්ඩාර නම් කුමාරයෙකි. සෙබලුන්, කර්මාන්තකරුවන්, අලි ඇතුන්, ගොනුන් ආදීන්ගෙන් සමන්විත තම සේනාව කාලතුවක්කු, අලවංගු, පොරෝ, කැති, උදලු, ගල්ක‍ටු ආදී ආයුධවලින් සන්නද්ධ කරගන්නා ටිකිරි කුමරු පෘතුගීසින් සමඟ සටනට එලඹුනි.

Thursday, July 17, 2014

තවත් මැලේසියන් ගුවන් යානයක් බිම... රුසියාව වෙඩි තියලාලු... වෙඩි තිබ්බේ සටන් කාමීන් යැයි රුසියාව කියයි..

මැලේසියන් ගුවන් සේවයට අයත් තවත් මගී ගුවන් යානයක් කඩා වැටී ඇති බව ජාත්‍යන්තර පුවත් වාර්තා කරයි. නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් නුවර සිය මැලේසියාවේ ක්වාලාලම්පුර් වෙත පියාසර කරමින් තිබූ මෙම ගුවන් යානය එම්එච් 17 ලෙස නම් කර තිබූ අතර, එය කඩා වැටෙන අවස්ථාවේ මගීන් 295 දෙනෙකු සිට ඇත.

මෙම යානය ඇමස්ටර්ඩෑම් නුවරින් පිටත්වූවාට පසු යුක්‍රේන දේශසීමාවේ දී කඩා වැටී ඇති බව මැලේසියානු බලධාරීන් සනාථ කර ඇත. මෙම යානට විනාශ වූයේ රුසියානු බලධාරීන් විසින් එල්ල කළ ප්‍රහාරයක් නිසායැයි ඔවුන් සැක කරන අතර, රුසියාව එය ප්‍රතික්ෂෙප කරයි.


මෙම ගුවන් යානය කඩාවැටී ඇති ප්‍රදේශය ජනාවාස ප්‍ර දේශයක් වන අතර එහි පොළොවෙන් තද කලු දුමක් අහසට ඇදෙනු රූප ගත කර ඇත. මෙම ප්‍රදේශයේ පියාසර කරන යානා වලට රුසියාව විසින් වෙඩි තබන අතර, දින කීපයකට පෙර යුක්‍රේන ගුවන් යානයක් ද වෙඩි තබා බිම හෙලා ඇත. ( ජයශ්‍රී පුවත්)

Wednesday, July 16, 2014

I would be a cow boy….Bandula

The minister of education Bandula Gunawardana says that if the Central College system does not crated, he would be a cow boy today.
He said this at the occasion of laying down the foundation stone of the technical laboratory at Matara Central College.
“For the free education, there is no difference between boys and girls. Mixed schools were formed.  Children of labourer, technician got education and climbed the ladder.”
“Mr. Eeriyagolla categorized the schools. To ensure free education uniforms, foods, books were given free. The school gates are closed for those who are down with maths in O/L”
” I would be a cow boy, if these 54 central colleges are not there.”

තව පොඞ්ඩෙන් අද මං හරක් බලන කොල්ලෙක්.. – බන්දුල

මෙරට මධ්‍ය මහා විද්‍යාල පද්ධතිය බිහි නොවුනේ නම් තමන් අද හරක් බලන කොල්ලෙක් බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ මාතර මධ්‍ය මහා විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාගාරයට මුල්ගල් තැබීමේ උත්සවය අමතමිනි.

‘නිදහස් අධ්‍යාපනයට ගැහැනු පිරිමි කියල බෙදීමක් නැහැ. ලඡ්ජා බය ඇතිව හැදෙන්න මිශ‍්‍ර පාසල් ඇති කළා. ගම්බද කම්කරුවගෙ, තාක්ෂණ ශිල්පියාගෙ දරුවන් ඉහළට ඉගෙන ගෙන ඉහළට ගියා. ඊරියගොල්ල මැතිතුමා මේ කාලෙ ජනප‍්‍රිය පාසල් විධියද වෙනස් කොට පාසල් වර්ග කළා. නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරන්ට නොමිලයේ කෑම, නොමිලේ නිල ඇඳුම්, නොමිලයේ පොත් ටික පවා දුන්නා. සාමාන්‍ය පෙළෙන් ගණිතය අසමත් වන දරුවන්ට පාසලේ ගේට්ටුව වැසෙනවා. 1955 දී මේ සමස්ත දරුවන්ගෙන් 223000 ක් දරුවන්ට පාසලට එන්න එපා කිව්වා. ගමේ දරුවන් අසාර්ථක වුණාට සනත් ජයසූරිය වගේ ක‍්‍රීඩකයන් මුනිදාස කුමාරතුංග වගේ අධ්‍යාපන විශාරදයො වෙන්න බැරිද? 77 ඉඳන් මේ දරුවන්ට කරපු විනාශය නිසා මේ දරුවන් හදපු වඩපු දෙමව්පියන්ට ගුරුවරුන්ට වෛර කළා.

කන්නන්ගර මහතා බිහිකළ මධ්‍ය මහා විද්‍යාල 54 ඉදිකරල හැදුවෙ නැත්නම් මම අද හරක් බලන කොල්ලෙක් වෙන්න තිබුණා’

ශ්‍රී ලංකන් පසුගිය වසරේ බිලියන 21 ක් පාඩුයිලු..

පසුගිය වසරේදී ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්ෂික අලාභය රුපියල් බිලියන 21 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සමාගමේ වාර්ෂිකව වාර්තාවේ දැක්වේ. එම අලාභය පෙර වර්ෂයේ පැවති බිලියන 19 ක ශුද්ධ අලාභයට වඩා උග‍්‍ර වැඩිවීමකි.
සමාගමේ ආදායම පෙර වර්ෂයට වඩා වැඩි වුවද, වියදම් වැඩිවීම නිසා මෙකී අලාභය සිදු වී ඇති අතර දැඩි ඉන්ධන මිල ඉහළ යාම, යුරෝපා ආර්ථිකයේ අහිතකර තත්ත්වය සහ සමාගමේ සිදුකළ දීර්ඝකාලීන ආයෝජන නිසා මෙම වියදම ඉහළ ගොස් ඇතැයිද වාර්තාවේ දැක්වේ.

ලිඟුව කපා මුහුදට විසි කරයි.. අසාධ්‍ය තරුණයා රෝහලේ

ඖෂධ වෙළඳසැලකින් ලබාගත් හිරි වැටීමේ බෙහෙතක් පාවිච්චි කර තම ලිංගේන්ද්‍රිය කපා මුහුදට විසිකල 20 හැවිරිදි තරුණයෙකු අසාධ්‍ය තත්වයෙන් නාගොඩ රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර කෙරමින් තිබේ. තරුණයා විසින් කපා වීසි කරනු ලැබූ ජනනේන්ද්‍රීය සොයා එය මේවන විට බද්ධ කිරීමට හදිසි ශල්‍ය කර්මයක් සිදුකරමින් තිබේ. තරුණයා මෙසේ සිදු කර ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි මෙතෙක් හෙලි වී නැතැයි රෝහල් පොලීසිය කියයි.