Sunday, July 20, 2014
පෘතුගීසින්ගෙන් ලැබුනු වචන ටිකක්...
අච්චාරු, අන්නාසි, අල්මාරි, අල්පෙනෙත්ති, අලවංගු, ආයා, ඇබෑර්තු, ඇස්කීසි, කාමර, කුමේර, කුස්තූර, කුස්සි, කූඤ්ඤ, ගාස්තු, ගුදිරි, ගොරෝසු, පගෝදි, පරක්කු, පෙත්සම්, පෙදරේරු, පෙනේර, පෙර නම්, පේර, පෝරණු, රීප්ප, රෙගුලාසි, රේගු, රේන්ද, රෝද, රෝස, ලෑස්ති, ලිංගුස්, ලීස්තර, ඈඳුරු, ඉස්තාල, ඉස්පාසු, එම්ප්‍රදෝරු, කජු, කඩදාසි, කප්පාදු, කප්පිත්තා, කබුක්, කරත්ත, කල්දේරම්, කමිස, කලිසම්, කබා, කස්තාන, කසාද, කානු, ජනේල, ජනේරු, තාච්චි, තාප්ප, තාර, තැබෑරුම්, බේබදු, බෙබේ, බෝක්කු, බූරු, තිරිඟු, තීන්ත, තුවාය, තෙම්පරාදු, තෙස්තමේන්තු, තොප්පි, තෝම්බු, දියමන්ති, නත්තල්, නෝනා, බන්දේසි, බයිනේත්තු, බැලැන්ස, බස්තම්, බංකු, බාල්දි, බීරලු, බීක්කු, බීස්පු, බුජම්, බොත්තම්, බෝංචි, ලේංසු, විනාකිරි, විස්කෝත්තු, වියෝල, වීදුරු, සපත්තු, සබන්, සරම්ප, සලාද, සාක්කු, සාය, සිදාදි, සීත, සුමාන, සොල්දාදු
පෘතුගීසින්ට එරෙහිව වීර සිංහලයන් කළ ඉතිහාසගත සටන්...
1) මුල්ලේරියා සටන (1562)
![]() |
| හංවැල්ල නගරයේ පිහිටි ටිකිරි කුමාරයාගේ ප්‍රතිමාවකි. |
මුල්ලේරියා සටන පිලිබඳ ඉතිහාසය 1521 දී සිදුවූ විජයබා කොල්ලය දක්වා
දිව යන්නකි. කෝට්ටේ රාජධානිය කොටගෙන රජකම් කල VII වන විජයබාහු රජුගෙන් කොල්ල කෑ
ලංකා රාජ්‍යය, ඔහුගේ පුතුන්
තිදෙනා විසින් කොටස් 3කට බෙදාගෙන
පාලනය කල සමයයි. කෝට්ටේ ප්‍රදේශය පාලනය කරන්නේ VII වන බුවනෙකබාහු රජතුමාය. ලංකාවේ
බලය තහවුරු කර ගැනීමේ අපේක්ෂාවෙන් උන් පෘතුගීසීන් විසින් මෙතුමාව මරාදමන ලදී. පසුව
1557 දී එතුමාගේ මුනුපුරා වූද, වීදියබණ්ඩාරගේ පුත් වූද, ධර්මපාල නම් කුමරුවා පෘතුගීසි
අනුග්‍රහය යටතේ 'දොන් ජුවන්' නමින් රජ කරවන ලදී.
පෘතුගීසි රූකඩයක් වූ දොන් ජුවන් රජු ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරමින් බෞද්ධ විහාරස්ථාන විනාශකරමින් කෝට්ටේ ප්‍රදේශය පාලනය කලේය. මේ සියල්ල අතරතුර මායාදුන්නේ රජතුමා සීතාවක ප්‍රදේශයේ ස්ථාවර පාලනයක් ගෙනයන ලදී.
පෘතුගීසින්ට මීලඟට උවමනා කලේ සීතාවක ආක්‍රමණය කිරීමටයි. එයට ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපත්වන්නේ මායාදුන්නේ රජුගේ පුත් ටිකිරිබණ්ඩාර නම් කුමාරයෙකි. සෙබලුන්, කර්මාන්තකරුවන්, අලි ඇතුන්, ගොනුන් ආදීන්ගෙන් සමන්විත තම සේනාව කාලතුවක්කු, අලවංගු, පොරෝ, කැති, උදලු, ගල්කටු ආදී ආයුධවලින් සන්නද්ධ කරගන්නා ටිකිරි කුමරු පෘතුගීසින් සමඟ සටනට එලඹුනි.

Thursday, July 17, 2014
තවත් මැලේසියන් ගුවන් යානයක් බිම... රුසියාව වෙඩි තියලාලු... වෙඩි තිබ්බේ සටන් කාමීන් යැයි රුසියාව කියයි..
මැලේසියන් ගුවන් සේවයට අයත් තවත් මගී ගුවන් යානයක් කඩා වැටී ඇති බව ජාත්‍යන්තර පුවත් වාර්තා කරයි. නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් නුවර සිය මැලේසියාවේ ක්වාලාලම්පුර් වෙත පියාසර කරමින් තිබූ මෙම ගුවන් යානය එම්එච් 17 ලෙස නම් කර තිබූ අතර, එය කඩා වැටෙන අවස්ථාවේ මගීන් 295 දෙනෙකු සිට ඇත.
මෙම යානය ඇමස්ටර්ඩෑම් නුවරින් පිටත්වූවාට පසු යුක්‍රේන දේශසීමාවේ දී කඩා වැටී ඇති බව මැලේසියානු බලධාරීන් සනාථ කර ඇත. මෙම යානට විනාශ වූයේ රුසියානු බලධාරීන් විසින් එල්ල කළ ප්‍රහාරයක් නිසායැයි ඔවුන් සැක කරන අතර, රුසියාව එය ප්‍රතික්ෂෙප කරයි.
මෙම ගුවන් යානය කඩාවැටී ඇති ප්‍රදේශය ජනාවාස ප්‍ර දේශයක් වන අතර එහි පොළොවෙන් තද කලු දුමක් අහසට ඇදෙනු රූප ගත කර ඇත. මෙම ප්‍රදේශයේ පියාසර කරන යානා වලට රුසියාව විසින් වෙඩි තබන අතර, දින කීපයකට පෙර යුක්‍රේන ගුවන් යානයක් ද වෙඩි තබා බිම හෙලා ඇත. ( ජයශ්‍රී පුවත්)
Subscribe to:
Comments (Atom)